මෙතුවක් කාලෙකට ගෙදර කුමාරයා වෙලා හිටපු
හිරුක , පවුලේ එකම සුරතලා..
මල්ලියා ගෙනාවත් එක්කම අයියෙක් වෙලා...
පිටට නොපෙන්නුවාට...
ගොඩාක් ලොකු දුකක් හිතේ හිරකරගෙන
අම්මාගෙන් අහිමි වුනු ආදරය
තාත්තගෙන් හොයනවා...
ඒ අහිංසක දුක මගේ හිතේ ගොඩාක් පතුලටම දැනෙනවා මගෙ රත්තරං පුංචි පුතේ...
අම්මාට තුරුල් වෙලා කතන්දර කියවපු
අම්මාට තුරුල් වෙලා පාට කරපු
අම්මාට සද්දයක් දාලා කෑම කාපු
අම්මත් එක්ක තුරුල් වෙලා නිදා ගත්තු
මගේ පුංචි පුතාට..
දැන් හැම දේම තාත්තත් එක්ක කරන්න වෙලා...
කොහොම උනත් ලොකු මනුස්සයෙක් වගේ
හැම දේම තේරුම් අරගෙන
පුංචි වෙනසක් වත් පෙන්නන්නෙ නැතුව ඉන්න
උඹ මහ පුදුම අයියෙක් මයෙ පුතේ..
උඹ වගේ පුතෙක් ලබන්න අපිත්..
උඹ වගේ අයියෙක් ලබන්න උඹේ මල්ලිත්
ගොඩාක් වාසනාවන්තයි මයෙ පුතේ...

No comments:
Post a Comment